සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්..

Podu Jana Peramunaසිය වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට එරෙහිව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩවර්ජනය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සම කැදවුම්කරු ලාල් ආරියර්තන මහතා විසින් මේ බව පවසා සිටින ලදී. සිය අදහස් දක්වමින් ලාල් ආරියරත්න මහතා පවසා සිටියේ සිය සේවාව තුළ උද්ගතව ඇති ශ්‍රේණි විෂමතා ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අනුකමිටුව විසින් එම ගැටළුව විසදීම සදහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය පවා ලැබී තිබියදී පවා මෙතෙක් එය ක්‍රියාත්මකවී නොමැති බවයි. අදාළ උසස්වීම් ලබාදීම තුළින් දුම්රිය ඉංජිනේරුවරුන්ගේ වැටුප් තල සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවනු ඇතැ බැවින් මුදල් අමාත්‍යවරයා අදාළ විසදුම් ලබාදීම කල්දමමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ආරියරත්න මහතා මෙහිදී තවදුරටත් සදහන් කරන ලදී. කෙසේ වෙතත් මෙම පැය 48 ක වර්ජනයෙන් පසුවද සිය ගැටළුවට විසදුම් නොලැබුනහොත් අඛණ්ඩ වර්ජනයක් කරා යොමුවන බවට ද දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි. මෙම මාධ්‍ය හමුව සදහා එම සන්ධානයේ සම කැදවුම්කරු ඉන්දික දොඩන්ගොඩ මහතා ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට