සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය සැලසුම් කළ පරිදි..
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් අනාවරණය කර සිටියි. අදාළ ගැටළු සදහා විසදුම් ලබාගැනීමේ අරමුණින් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම නිසා සැලසුම්කළ පරිදි වර්ජනය පවත්වන බව ද දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් වැඩිදුරටත් පවසයි.