සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී.ල.නි.ප යේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. ඊයේ (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර සාකච්ඡාවන්හිදී ද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් යම් යම් කරුණු සාකච්ඡා වූ බවයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කළයුතුව ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට තරම් තමන්ට සහ තමන්ගේ පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බලයක් නොමැති තත්ත්වයකට මෙරට කිසිදු ජනාධිපතිවරයෙකු මුහුණ දී නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත්වී බැසිල්, චමල්, නාමල්, නිරූපමා සහ ශෂීන්ද්‍ර වැනි රාජපක්ෂ පවුලේ සාමාජිකයින් යළිත් අමාත්‍යධුරයන්ට පත්වනු ඇති බවත් මෙවැනි අදහස් පළකරන්නේ රාජපක්ෂවරුන්ට එරෙහීවීමේ අරමුණින් නොව යථාර්තය පැහැදිලි කිරීම සදහා බවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කර ඇති බැවින් රට තුළ විශාල වෙනසක් ඇතිකිරීමට ඒ මහතාට හැකිනොවනු ඇති බවත් මෙහිදී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට