සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්ද සහ මෛත්‍රී හප්පවා ශ්‍රී.ල.නි.ප ය හා පොහොට්ටුව අතර ගැටුමක් ඇතිකිරීමේ උත්සහයක එ.ජා.ප.ය නිතරව සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaඉදිරි මැතිවරණ අනිවාර්යයෙන්ම පරාජය වන බව දැනගෙන තිබෙන වත්මන් ආණ්ඩුව, මෙරට ජාතික සම්පත් විකුණාදැමීමේ කාර්යය වේගවත් කර ඇති බවත් ඒ අනුව සෙවණගල සීනි කම්හල ඇතුළුව රජය සතු ආයතන රැසක් දයා ගමගේ මහතා ඇතුළු දේශපාලන හෙන්චයියන් හට පවරාදීමේ උත්සහයක් ද දියත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙන වෙනම අදහස් දැක්වීම නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වඩා වාසිදායක තත්ත්වයක් උද්ගතවිය හැකියි. මේ තත්ත්වය නිසා ජනාධිපතිවරණය තුන්කොන් සටනක් බවටත් පත්වනු ඇතැයි යන සැකය මතුව තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එකම වේදිකාවක සිට කටයුතු කරාවි. ඒ අනුව කවුරුන් ජනාධිපතිවරණ අපේක්ෂකයා වුවත් ඔහු වටා ඒකරාශීව ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කිරීමට හැමදෙනාම කටයුතු කරාවි. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන විවිධ ගැටළුකාරී මතවාදයන් ඇතිවෙලා. නමුත් එක්සත් ජාතික පක්ෂයට එරෙහි විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැනනැගී නොමැති අතර එම අපේක්ෂකයා මෛත්‍රී, ගෝඨාභය, චමල් හෝ වෙනත් අපේක්ෂකයෙකු හෝ වියහැකියි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ද සහභාගිවූ අතර එහිදී ඔහු පහත පරිදි සිය අදහස් පළකලා. ඒ මහතා අවධාරණය කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එකිනෙකා හප්පවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ගැටුම් ඇතිකර වාසිදායක තත්ත්වයක් ඇතිකරගැනීමේ උත්සහයක එක්සත් ජාතික පක්ෂය නිතරව සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට