සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී.ල.නි.ප යෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහැකි හොදම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට කිසිදු විවාදයක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

Podu Jana Peramunaවගකීමෙන් යුතුව හා නොබියව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර කුමන කණ්ඩායමක් විසින් කුමන අදහසක් පළකළ ද ස්ථාරව ඡන්ද ප්‍රමාණයක් පවතින පක්ෂය, යහපත් සංවිධාන ශක්තියකින් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසා සිටියි. ඊයේ (20) එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අප දරණ මතය මීට පෙරත් මාධ්‍යට ප්‍රකාශ කළා. මෙම විශේෂ තේරීම් කාරක සභාව පත්කළේ පාස්කු ඉරිදා ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට නොවෙයි.

එවැන්නක් පත්කිරීමේ මුලිකම අරමුණ බවට පත්ව ඇත්තේ ආණ්ඩුවට එරෙහිව එල්ලවී ඇති චෝදනා වලින් මිදීම සහ ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා මත පැටවීමයි. මෙම තේරීම් කාරක සභාව හරහා මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රටට හෙළිවනවා. මෙය බරපතල තත්ත්වයක්. ඒ නිසා අපි කලින් සිටම මෙම තේරීම් කාරක සභාවට විරෝධය පළකළා. ඉදිරියේදී මෙහි ඵලවිපාක රටටත් ජනතාවටත් දැකගතහැකි වේවි.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අවධාරණය කර සිටියේ ජනාධිපතිවරණයේදී පමණක් නොව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන ස්ථාවරයේ සිටින බවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ මූලික සුදුසුකමක් හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බැවින් එවැන්නෙක් පිළිබදව තොරතුරු විමසීම පළක් නොමැති ක්‍රියාවක් බව ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

රාජපක්ෂවරුන් පමණක් රට පාලනය කිරීමේ ක්‍රියාවලියේ යෙදිය යුතුය යන මතයේ තමන් නොසිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහැකි හොදම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවට කිසිදු විවාදයක් නොමැති බව ද දිසානායක මහතා මෙහිදී සිය අදහස් දක්වමින් තවදුරටත් කරුණු දක්වන ලදී.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ද සහභාගිවී සිය අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට