සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමේදී කිසිවෙකුගෙන් කිසිදු සහයක් ලැබුනේ නෑ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaතමන් අන්තවාදීන්ගෙන් රට මුදවාගැනීමට කටයුතු කිරීමේදී ධනයෙන්, බලයෙන් හෝ උපකාර කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර මාධ්‍ය ආයතන විසින්ද ඒ සදහා කිිසිදු සහයක් ලබානොදුන් බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. උන්වහන්සේ මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පහත පරිදි කරුණු අනාවරණය කරන ලදී. අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම සමාජීය යන ක්ෂේත්‍ර සියල්ලන් තුළම මේ වන විට දැවැන්ත කඩාවැටීමක් පවතින අතර එම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සියළු ජනතාව මෙන්ම දේශපාලකයින් ද කටයුතු කිරීම අවශ්‍යයි. රටත් ජනතාවත් මේ වන විට මුහුණදී ඇති ගැටළුකාරී බවෙන් රට මුදවා ගැනීමේ අරමුණින් ලබන මස 07 වනදා මහනුවරදී මහා සංඝ සමුළුවක් පැවැත්වීමට නියමිතයි.

රටතුළ ක්‍රියාත්මකව තිබෙන අන්තවාදී කොටස් තුරන්කර ජනතාවට සුවසේ ජීවත්වීම සදහා අවශ්‍ය පරිසරයක් ගොඩනැංවීමට පක්ෂ භේදයකින් තොරව බොදු බල සේනා සංවිධානය වටා එක්වන ලෙස සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. යම් චෝදනාවක් එල්ලනොවූ කිසිදු දේශපාලඥයෙකු මෙරට තුළ අපිට දකින්නට ලැබෙන්නේ නෑ. ජාතිවාදී ලේබල් අලවාගනිමින් කටයුතු කරන සියඵ දේශපාලන පක්ෂ තහනම් කළයුතුයි.

රට තුළ සිදුවන සිදුවීම් දෙස බැලූවිට ඇතැම් විට හිතෙනවා රට තුළ කිසිදු ආගමක් ක්‍රියාත්මක නොවන්නේදැයි කියා. යම් ආකාරයකින් තමන් මුස්ලිම් අන්තවාදීන් වෙනුවෙන් පෙනීසිටියානම් මේ වන විට ගමන් කරන්නේ ගුවන්යානාවකින්.


මෙම මාධ්‍යහමුව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට