සත්‍යයේ පුවත් අඩහැරය….

ලාංකිකයින්ට ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ කර නෑ, අතරමැදියන්ට මුදල් දෙන්න එපා – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Podu Jana Peramunaශ්‍රි ලාංකිකයින්ට ජපන් රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ මෙතෙක් රැකියා සැපයීම ආරම්භ කර නොමැති බැවින් ඒ සදහා කිසිදු අතරමැදියෙකුට මුදල් නෙදෙන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ අමාත්‍ය තකාෂි යමෂිටා මැතිතුමන් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14 ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගිය 19 දින ජපානයේ තෝකියෝ නගරයේදී අත්සන් තබා ඇත.මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබෙනු ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. මෙම ගිවිසුම පදනම් කරගෙන ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පහත පරිදි පියවර ගැනීමට නියමිතව ඇත.
1.අදාල වෘත්තිය ක්ෂේත්‍ර 14 ක් සදහා ශ්‍රි ලංකාවේ ලබාදෙන වෘත්තිය පුහුණුව මගින් ලබාගත හැකි නිපුණතා මට්ටම, ජපානයේදී පිළිගැනීම සදහා වන නිපුණතා මට්ටම් සැසදීම හා ප්‍රතීතනය සිදුකිරීම.
2. එක් එක් වෘත්තීය සදහා ජපානය පිළිගන්නා ජපන් භාෂා නිපුණතා මට්ටම තීරණය කිරීම.
3. වෘත්තිය සහ භාෂා කුසලතා ඇගයීම සදහා කුසලතා පරීක්ෂණ පැවැත්වීම පිළිබදව දෙරට අතර, එකඟතා ඇති කර ගැනීම.
4. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයින් බඳවාගැනීම සඳහා සුදුසුකම්ලත් බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සි ආයතන සඳහා අනුමැතිය ලබා දීම.
එක් එක් රැකියා අවස්ථා සදහා අවශ්‍ය මූලික සුදුසුකම්, වයස් සීමාව, ජපන් භාෂා ප්‍රවීණතාව, වැටුප් පරිමාණයන් වැනි කරුණු පිළිබදව තවමත් දෙරට අතර නිශ්චිත එකගතාවයන්ට එළැඹී නොමැති බවත් ඉහත කරුණු නිමකිරීම ඉදිරි කාලය තුළ කාර්යාංශය විසින් සිදුකරනු ලබන අතර, ඉන් අනතුරුව ජපානයෙන් ලබාගන්නා රැකියා ඇබෑර්තු කාර්යාංශ පනත අනුව නියාමනය කරනු ලබයි. ඉහත කරුණු සියල්ල පියවරෙන් පියවර මහජනතාව වෙත කාර්යාංශය දැනුම් දෙන අතර එතෙක් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට මෙම රැකියා සදහා ජපානයට බදවාගැනීම් පිළිබදව කිසිදු කටයුත්තක් ආරම්භ කිරීම සපුරා තහනම් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට