ප්‍රදේශ රැසකට වැසි, මුහුදු ප්‍රදේශයන් වල රළු ස්වභාවයක්..
අද (27) දිනය තුළ සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.එමෙන්ම උතුර, උතුරු මැද සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට, මාතර යන දිස්ත්‍රික්ක තුළ තරමක තද සුළං ඇති විය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුද ආශ්‍රිත ප්‍රදේශයන්හි ද ස්ථාන කිහිපයකද වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.