සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමෙන් මහජන නියෝජිතයිනගේ වගවීම ශක්තිමත් කළ හැකියි – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

Podu Jana Peramunaවගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සිය වත්කම් හා බැරකම් මහජන දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කරන ලෙසත්, ඒ තුලින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිය කැපවීම පෙන්වා දෙන ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී. ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍යහමුවකදී එම සංවිධානය විසින් මේ බව අනාවරණය කරන ලදී. මෙම මාධ්‍ය හමුවේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පහත පරිදි මාධ්‍ය වෙත කරුණු දක්වන ලදී. විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු පසුගිය පෙබරවාරී මසදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමට කටයුතු කරන ලදී. වාසුදේව නානායක්කාර, තාරක බාලසුරිය, එම්.ඒ සුමන්දිරන්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න, රංජන් රාමනායක සහ අලි සහීර් මවුලානා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එසේ සිය වත්කම් බැරකම් ජනගත කළහ. මෙම ජූනි මස 30 වන දිනය වන විට
සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්නැයි ඉල්ලා සිටි අතර ඒවා www.tisrilanka.org/MPassets යන සිය වෙබ් අඩවියේ පළකිරීමට ද අප සංවිධානය සූදානමින් සිටියි. මෙසේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමෙන් ජනතාව අතර මහජන නියෝජිතයින් කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය වන අතර මහජන නියෝජිතයන් ජනතාව කෙරෙහි දක්වන වගවීමද තහවුරු වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට