සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති, අගමැති අතර නිසි සම්බන්ධතාවයක් නොමැතිවීම තුළින්ම රටේ අස්ථාවරභාවය මැනවින් පැහැදිලි වනවා – ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර නිසි සම්බන්ධතාවයක් නොමැතිවීම තුළින්ම රටේ අස්ථාවරභාවය මැනවින් පැහැදිලි වන බවත් රටේ ජාතික ආරක්ෂාවේ තරම සම්බන්ධයෙන් මේ වන විට මැනවින් අවබෝධ කරගත හැකි බවත් ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අවධාරණය කර සිටියි. එළිය සංවිධානය විසින් ඊයේ (27) පවත්වන ලද මාධ්‍ය හමුවකදී මොහාන් සමරනායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියේය. වත්මන් ආණ්ඩුව අලුත් රටක් නිර්මාණය කරන බව පවසමින් බලයට පැමිණියත් මේ වන විට ජනතාවට නිදහසේ ජීවත්වීමට නොහැකි වාතාවරණයක් ඇතිවී ඇති අතර රටේ ජාතික ආරක්ෂාව දැවැන්ත තර්ජනයකට ලක්ව තිබෙනවා. ආර්ථික සහ දේශපාලනයෙන් යම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටිය ද තමන් සතුව ඇති මිලිටරි බලය උපයෝගී කරගනිමින් ගිලිහී ගොස් ඇති බලය යළි ළගාකරගැනීමට ඇමෙරිකාව උත්සහ කරමින් සිටිනවා. ඒ අනුව ආසියානු කලාපයට ඇමෙරිකාව යම් බලපෑමක් එල්ල කරමින් සිටිනවා. චීනයත් ඇමෙරිකාවත් අතර මේ වන විට වෙළද යුද්ධයක් ඇතිවී තිබෙනවා. ශ්‍රී ලංකාවට අනුන්ගේ යුද්ධයක ගොදුරක් බවට පත්වීමට සිදුවෙලා. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තිය තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බොහෝදුරට හේතුව වී ඇත්තේ. එම ප්‍රතිපත්ති නිර්මාණය කිරීම පිටුපස සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. දැන් රටේ ආණ්ඩු 02 ක් තිබෙනවා. එකක් මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව. අනිත් ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව, කිසිදු ප්‍රතිපත්තියක් හෝ තීරණයකයට එලඹීමට බලයක් නොමැති ආණ්ඩුවක්. සියළු අංශයන්ට අදාළ තීන්දු තීරණ ගන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන්නේ උග්‍ර දක්ෂිණාංශිකයෙකු ලෙස මෙන්ම අධිරාජ්‍යවාදී කදවුරට හිතෛශීව. අද වන විට රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ලංකාව යළිත් කොළණියක් බවට පත්වෙමින් තිබෙන අතර ආර්ථික මෙන්ම සමාජීය අතින් රට දුර්වල වෙමින් පවතිනවා.
මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ආචාර්ය පාලිත කොහොන මහතා ද අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට