ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්..
අද (29) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් සබරගමුව පළාත, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.