බදියුදීන් කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ, CID යෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට වාර්තාවක්..
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ (28) වාර්තාවක් ඉදිරිපත් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙන ලදී.