සත්‍යයේ පුවත් අඩහැරය….

අන්තවාදය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්..

Podu Jana Peramunaඅන්තවාදී, උන්මන්තකවාදී මෙන්ම ආගම්වාදී සංවිධාන තවදුරටත් විවිධාකාරයෙන් රටතුළ ක්‍රියාත්මත වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් වන සත්‍ය කරුණු රටට හෙළිකළ විට එහි පවතින භයංකාරත්වය හා බලපෑම සම්බන්ධයෙන් අවබෝධ කරගතහැකි වනු ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. මෙම අදහස් පළකරන ලද්දේ අද (02) කිරුළපනදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසිනි.

මෙහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පහත පරිදි අදහස් දක්වා සිටින ලදී.

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ පවුලක් අන්තවාදීන්ගේ පීඩාවන්ට ලක්වීම සම්බන්ධයෙන් අද කරුණු හෙළිකරනවා. ඒ එක්කම ලබන 07 වනදා පවත්වන විශේෂ සමුළුවෙන් පසුත් රට තුළ ඇතිවී තිබෙන භයානක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු හෙළිකරනවා. ඒ කරුණු අනුව අන්තවාදින්ගේ ක්‍රියා හමුවේ රටට සිදුව ඇති බලපෑම, පාර්ලිමේන්තුවට මෙන්ම නීති සම්පාදනය කරන පුද්ගලයින්ට එල්ලවී ඇති බලපෑම සම්බන්ධයෙන් කරුණු හෙළිවේවි. තමන් මුහුණදී ඇති පීඩාකාරී තත්ත්වයන් ගැන පිළිසරණක් ඉල්ලා නීතිය ඉදිරියට යන ජනතාව නීතිය ඉදිරියේදීත් අතවරයට ලක්වෙනවා. ඔවුන් බැරිම තැන අපි ළගට ඇවිත් දුක කියනවා. බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් සිංහල ජාතිකයෙකු සමග විවාහ වීමෙන් පසු දැඩි පීඩාවකට ලක්වෙලා. ඇය අද ඒ සම්බන්ධයෙන් මෙහිදී කරුණු දක්වාවි.

ඒ අනුව අටුළුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් වන අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමැත්තිය විසින් මෙසේ අදහස් පළකරන ලදී.

මං 2008 දී සිංහල ජාතිකයෙකු සමග විවාහ වුනා. විවාහයෙන් පසුව පල්ලියෙන් විවිධ බලපෑම්, තර්ජන රැසක් එල්ලවුනා. ඉස්ලාම් ආගමට එන්නැයි සැමියාට තර්ජනය කළා. සිංහල අයෙකුට මුස්ලිම් ගමක ඉන්න බෑ කියලා තර්ජනය කර සැමියා ගමෙන් එළවා දැම්මා. දරුවා ලැබෙන්න ඉද්දී ස්වාමියා රෝහලට පවා ආවේ පිටස්තර තැනක සිට. සැමියාට එල්ලවූ කරදර, තර්ජන හමුවේ පසුව සැමියා විදේශගත වුනා.

ඔහු යළි මෙරටට පැමිණීමෙන් පසු, ස්වාමියා නිවසේ නොමැති අවස්ථාවක පිරිසක් පැමිණ නිවසට අලාභහානි කර උළු ගලවා, තමන්ටත් දරුවාටත් පහරදී තර්ජනය කළා. බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් ඉදිරියේදීමයි මේවා සිද්ධවුනේ. පසුව මේ ගැන පැමිණිලි කළා බණ්ඩාරගම පොලිසියට. පසුගිය මාර්තු 24 වනදා තමයි ඒ සිද්ධිය වුනේ. අප්‍රියෙල් 06 වෙනිදා වෙනකම් කිසිම විභාගයක් වුනේ නෑ. 06 වෙනිදා පොලිසියට ගියහම පල්ලියෙන් බව කියාගත් 04 දෙනෙක් රුපියල් 28000/- ක් දීලා ගේ හදාගන්න කිව්වා. ඒක විතරයි සිද්ධවුනේ.

දැන් තර්ජනය කරනවා පල්ලියෙන් අවුරුදු 11 ක් වන මගේ දුව මුස්ලිම් අයෙකුට විවාහ කරලා දෙන්න කියලා. පහුගිය අවුරුදු 10 ත් 15 ත් අතර කාලයේදී ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙනස් වෙන්න පටන්අරන්. මං ඉස්ලාම් ආගමිකයෙකුවීම ගැන දුකක් සහ දැඩි අපහසුතාවයක් තියෙන්නේ. මගේ දරුවෙකුට මේ ආගමේ ගෑවෙන්නවත් දෙන්නේ නෑ මං. බොදු බල සේනා සංවිධානයේ ස්වාමීන්වහන්සේලාගේ උදව්වෙන්, අර සිද්ධිය සම්බන්ධව නඩුවක් පැවරුවා. මේ වගේ සිදුවීම් තවත් සිදුනොවෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා.

මෙම මාධ්‍ය හමුව සදහා බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට