සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනය අත්හිටවූවත් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ තීරණයට විරෝධය පළකරනවා – දුම්රිය වෘත්තීය සමිති

Podu Jana Peramunaසිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස බලකරමින් සෑම බ‍්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාතී‍්‍රයේ සිට දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති අනාවරණය කර සිටියි. අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (02) දුම්රිය වෘතතීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී මෙම තීරණයට එළඹ ඇත. කෙසේ වෙතත් එම දුම්රිය වෘත්තී්‍ය සමිති නියෝජිතයින් වැඩිදුරටත් අනාවරණය කරන්නේ දුම්රිය සේවක අයිතිවාසිකම් මර්දනය කිරීමේ අරමුණින් දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට කිරීමට බලධාරීන් ගන්නා ලද තීරණයට එරෙහිව දැඩි වෘත්තිය කි‍්‍රයාමාර්ගයන්ට එළඹීමට තීරණය කරන ලද බවයි. ඒ සම්බන්ධයෙන් වන තීරණ ගැනීම සදහා අද (03) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට