පුද්ගලයින් 05 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම, STF සහ පොලිසියේ 13 ක් නිදහස්..
පුද්ගලයින් 05 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ බවට චෝදනා එල්ලවී සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ පොලිසියේ නිලධාරීන් 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ඊයේ (03) නියෝග කර තිබේ. 2006 වසරේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 12 දෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ලවූ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා එම පිරිස නිදහස් කර ඇති බව ද වාර්තා වේ.