සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යාජ ප්‍රචාර සිදුකර 07 වනදා සමුළුව කඩාකප්පල් කිරීමට ලැජ්ජානැති වහාබ්වාදීන් උත්සහ කරමින් සිටිනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaජාතික සංවිධාන රාශියක් එක්ව “දැයට එකම රොදකට” යන මැයෙන් ලබන 07 වනදා මහනුවරදී පැවැත්වීමට නියමිත සමුළුව, ව්‍යාජ ප්‍රචාරයන් දියත්කර කඩාකප්පල් කර අත්හිටුවීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරි කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්වේ. මේ සම්බන්ධයෙන් දිලන්ත විතානගේ මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබේ.

අදාළ ලිපියේ සදහන් වන්නේ අදාළ සමුළුව කඩාකප්පල් කර අත්හිටුවීම සදමා උසාවි නියෝගයක් ලබා ගැනීමට ජමෙයිතුල් උලමා සංවිධානය, ඊට සම්බන්ධ තවත් සංවිධාන රැසක් සහ දේශපාලඥයින් කිහිපදෙනෙකු ව්‍යාජ ප්‍රචාර සිදුකර පොලීසිය නොමග යවමින් සිටින බව අනාවරණය වී ඇති බවයි. “1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ XI පරිච්ජීදයේ 109(1) වගන්තිය ප්‍රකාරව කරනු ලබන ලිඛිත තොරතුරු ලබා දීම” යන්න සදහන්, හිස්තැන් සහිතව පුරවා අත්සන් ගැනීම සදහා බෙදාහැර තිබෙන ලේඛනයක් තුළින් අසත්‍ය තොරතුරු සාපරාදී ලෙස ඉදිරිපත්කර සමුළුව කඩාකප්පල් කිරීමේ අරමුණින් උසාවි නියෝගයක් ලබාගැනීමට එම පිරිස් උත්සහ දරමින් සිටින බව ද එම ලිපියෙහි සදහන්ය. අදාළ පිරිස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ව්‍යාජ චෝදනා එල්ලකරමින් මෙන්ම බොදු බල සේනා සිංවිධානයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති සිද්ධි හේතුන් ලෙස ඉදිරිපත්කරමින් මෙම උසාවි නියෝගය ලබාගැනීමට ලැජ්ජානැති වහාබ්වාදීන් කටයුතු කරමින් සිටින බවද ලිපිය තුළින් අනාවරණය කර තිබේ.

ව්‍යාජ කරුණු ඉදිරිපත් කර බොදු බල සේනා සංවිධානයටත්, ඥාණසාර හිමියන්ටත් අසත්‍ය චෝදනා එල්ලකරන සියළුදෙනාට එරෙහිව නඩු පවරන බවත් ඉතා සාමකාමීව පැවැත්වීමට නියමිතව ඇති මෙම ආගමික වැඩසටහන හා සමුළුව පිළිබඳව සිය අල් ටකියා න්‍යාය යටතේ ජනතාව බියකොට කරන මෙම වහාබ්වාදී ඉස්ලාමික උත්සහය පැරදවීමට බුද්ධිමත්ව කටයුතු කරන්නැයි පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව ද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට