සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බදියුදීන්ව ආරක්ෂා කරන්නේ කුමන පුද්ගලයාගේ අවශ්‍යතාවය මතදැයි යන්න ගැටළුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළයුතුව ඇතිමුත් නීතිය ක්‍රියාත්මක නොවී, එතුමාව ආරක්ෂා කරමින් සිටින්නේ කුමන පුද්ගලයාගේ අවශ්‍යතාවය මතදැයි යන්න ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එස්.බී දිසානායක මහතා මෙම අදහස් පළකරන ලදී. වැඩිදුරටත් කරුණු දක්වමින් දිසානායක මහතා පහත පරිදි අදහස් දක්වීය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදගේ බැංකු ගිණුමට රුපියල් කෝටි 05 ක මුදලක් බැරවී ඇති බවට තොරතුරු ලැබිලා. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි පරීක්ෂණ සිදුනොවීම ගැටළුවක්. බදියුදීන් මහතා විසින් ලබාගෙන ඇතැයි පැවසෙන ඉඩම් සම්බන්ධයෙන් ද මෙතෙක් නිසි පරීක්ෂණයක් සිදුකෙරෙන්නේ නෑ. ඉඩම් පවරාගෙන තිබෙන්නේ ඔහු නමින් නොවෙයි. හැම ඉඩමක්ම ඔහුගේ බිරිදගේ සහ ඥාතීන්ගේ නමට තමයි අරන් තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් වන තොරතුරු පොලිසිය විසින් පත්කර ඇති අදාළ කමිටුවට ලබාදුන්නා. අපරාධ පරීක්ෂනණ දෙපාර්තමේන්තුවටත් මේ ගැන අද තොරතුරු ලබාදෙනවා.

ජාතීන් අතර ජන අනුපාතය නිසිලෙස පවත්වාගෙන යාමට නම් උපත් පාලන ක්‍රමවේදයක් අනුගමනය කළයුතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුනොකළහොත් 2050 වසර වන විට රට තුළ ජන අනුපාතය භයානක ලෙස වෙනස්විය හැකියි. කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහ බදියුදීන් යන මහත්වරුන්ට එරෙහිව එල්ලවෙලා තිබෙන චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුනොකර, ඔවුන්ව නිවැරදි කිරීමට පොලිසිය උත්සහ කරමින් සිටිනවා.

ඒ වගේම මේ වන විට දුම්රිය සේවකයින් වර්ජනයක් ආරම්භ කරලා. වැටුප් ගැළුවක් මත නොවෙයි මේ වර්ජනය ආරම්භ කරලා තිබෙන්නේ. බීමතින් සේවයේ යෙදී සිටි සේවකයෙකුගේ වැඩි තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කරලා. නමුත් එම වැඩතහනම පිළිඅරගෙන නෑ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා. ඒ හේතුවෙන් නිවැරදි තීරණයක් ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වෙලා. පසුව දුම්රිය සේවකයින් වර්ජනයක් දියත් කළා. මිනිස් ජීවිත හා රාජ්‍ය දේපළ සමග සෙල්ලම් නොකර වහාම මැදිහත්වෙලා මේ ගැටළුව විසදන්න කියලා අපි ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට කියනවා.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට