සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශලපාලන වුවමනාවන් මත ගුරු පත්වීම් ලබාදී වහසි බස් දෙඩීම විහිළුවක් – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaදකුණු ආසියාවේ පුහුණු ගුරුවරු සිටින එකම රට ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවට පසුගියදා අග‍්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප‍්‍රකාශය විහිළු සහගත බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව සිය දේශපාලන වුවමනාවන් මත නිසි සුදුසුකම් සපුරා නොමැති පිරිස් සදහා ගුරුපත්වීම් ලබාදෙමින් මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි.

අග‍්‍රාමාත්‍යවරයාගේ අත්සනින් යුතුව 2018.01.29 දින ඉදිරිපත් කර ඇති අංක MNPEA/2018/021 දරණ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව මගින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ සඳහා නිසි සුදුසුකම් සපුරා නොමැති ගුරුවරුන් 1119 ක් බදවා ගැනීමට කටයුතු කර ඇති බවයි. අදාළ පිරිසට 2019.06.27 දින පත්වීම් ලබාදී ඇති අතර ගුරු සේවයේ 3-ii ස්ථිර තනතුරට පත්කර ඇති මෙම පිරිස වසය අවුරුදු 50 ඉක්මවීම තුළ විශ‍්‍රාම වැටුප නොලැබෙන බව ද අදාළ පත්වීම් ලිපියේ සඳහන් කර ඇති බව ද ජෝසෆ් ස්ටාලින් මහතා සිය නිවේදනය මගින් අනාවරණය කර ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6 ක් සමත්, 3880 ක පිරිසකට 2019 වසරේ අප්‍රේල් මසදී මේ ආකාරයටම කී‍්‍රඩා පුහුණුකරුවන් ලෙස පත්වීම් ලබා දී ඇති බව ද මෙම නිවේදනයෙහි සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට