කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ ළිඳක පුපුරණ ද්‍රව්‍ය තොගයක්..
කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ අතහැර දමා තිබූ ළිඳක් පිරිසිදු කිරීමේදී ඊයේ (08) පුරණ ද්‍රව්‍ය තොගයක් හමුවී ඇති බව වාර්තා වේ. ඒ අනුව ටි 56 වර්ගයේ ගිනි අවි පතුරම් තොගයක්, මෝටාර් උණ්ඩ දෙකක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමුවී ඇති අතර ළිද පිහිටා ඇති ගෙවත්තේ හිමිකරු විසින් කරන ලද දැනුවත් කිරීමට අනුව පොලිසිය විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. මෙම පුපුරණ ද්‍රව්‍යය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිතව ඇති අතර කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.