සත්‍යයේ පුවත් අඩහැරය….

සිල් රෙදි නඩුව, විත්තිකරුවන්ගේ අභියාචනය විභාගයට ගැනීමට දින නියම වෙයි..

Podu Jana Peramunaමේ වන විට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් අදාළ චෝදනා වලින් තමන් නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන අභියාචනා ලබන ඔක්තෝබර් 11 වන දා විභාගයට ගන්වා ලෙස අභියාචනාධිකරණය අද (10) නියම කරන ලදී. පසුගිය ජනාධිපතිවරණයේදී විහාරස්ථානවලට සිල් රෙදි බෙදාදීමෙන් රජයේ මුදල් මිලියන 600 ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරන ලදී.

ඒ අනුව එම නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට වසර තුන බැගින් සිර දඬුවම් නියම කරන ලදී. අදාළ දඬුවම නීති විරෝධී බැවින් එම චෝදනාවලින් සහ දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විත්තිකරුවන් දෙදෙනා විසින් අභියාචනය මෙසේ ලබන 11 වනදා විභාගයට ගනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට