සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්ධන මිල පහළට..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කරනු ලබන ඉන්ධන මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මිල ගණන් හදුන්වාදී ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් පහළ දමා ඇත. ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136 ක් වනු ඇත. ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පහළ දමා ඇත. අදාළ මිල පහළ දැමීම අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 159 ක් වන අතර සුපර් ඞීසල් ලීටරයක මිල රුපියල් 131 ක් වේ. ඔටෝ ඞීසල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත. මේ අතර අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියානු තෙල් සංස්ථාව ද (IOC) සිය ඉන්ධන මිල ගණන් පහළ දමා ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම සමාගම විසින් අලෙවිකරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් පහළදමා ඇත. ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 144 ක් වනු ඇත. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 5 කින් වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 කට අලෙවි කරනු ඇත. සුපර් ඩිසල් ලිටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 5 කින් වන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 131 කි. IOC සමාගම ද ඔටෝ ඞීසල් මිලෙහි වෙනසක් සිදු කර නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට