සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට අධිකරණ ක්‍රියාවලියෙන් මරණීය දණ්ඩනය ඉවත්කළ යුතුයි – වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම කෙතරම් යුක්ති සහගත දැයි යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුව ඇති අතර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් අපරාධ මර්දනය කළ හැකිද යන්න ගැටළුවක් බවත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව අවධාරණය කර සිටියි. ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ සාමාජික නීතීඥ ප්‍රබෝධ රත්නායක මහතා විසිනි.

මෙහිදී ඒ මහතා විසින් පහත පරිදි වැඩිදුරටත් කරුණු අනාවරණය කරන ලදී.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් අපරාධ මර්දනය කළනොහැකි බව ලෝකයේ විවිධ රටවල් දෙස අවධානය යොමුකළ විට දකින්න හැකි දෙයක්. නිසි ලෙස සංඛ්‍යා ලේඛන කෙරෙහි අවධානය යොමුකළහොත් දකින්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ අපරාධ වැඩිවීමක් සිදුවෙලා නෑ කියන දෙය. වෙලා තිබෙන්නේ මාධ්‍ය විසින් අපරාධ වාර්තා කිරීමේදී, අනවශ්‍ය ලෙස අපරාධ සම්බන්ධයෙන් කරුණු ජනතාවට හෙළිකිරීම පමණයි. ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ හුදෙක්ම මත්ද්‍රව්‍ය ඡාවාරම පාලනය කිරීමේ අරමුණින් නොවෙයි.

2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වනදා සිට රටේ දේශපාලන අර්බුදයක් ඇති වුනා. ඒ දේශපාලන අර්බුදකාරී තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තීරණය පෙන්වා දෙන්න පුළුවන්. මේ වන විට රට තුළ මරණීය දණ්ඩනය නියමවූ පුද්ගලයින් 1290 ක් පමණ සිටිනවා. එම පුද්ගලයින් අතරින් 04 දෙනෙකුට පමණක් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන ගැටඵව මතුවෙනවා. ඔවුනගේ වරදේ ස්වභාවය කුමක්ද යන්න නිවැරදිව අනාවරණය කරගැනීමට කටයුතු කළයුතුයි. රටක් තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ නෑ. 2016 වසරේදී මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි යන්න පිළිබදව.

අපරාධයක් සම්බනධයෙන් චෝදනා ලැබූ යම් වරදකරුවෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් පසු කරුණු අනාවරණය වන අවස්ථා තිබෙනවා එම පුද්ගලයා අදාළ අපරාධයට වරදකරු නොවන බවට. නමුත් එවිට කළහැකි දෙයක් නෑ.

එමෙන්ම යම් චූදිතයෙකුට, අධිකරණය වෙත කරුණු දක්වන්න නිසි අවස්ථාවක් හිමිවන්නේ නෑ. ඒක විශාල ගැටළුකාරී තත්ත්වයක්. චූදිතයින් විවිධ සමාජ මට්ටම් වල සිටින්නේ. පහළ සමාජීය මෙන්ම ආර්ථික මට්ටම් වල සිටින චූදිතයින් මෙහෙදී මුහුණ දෙන්නේ දැඩි අවදානමකට. එහිදී ඔවුන් අපරාධකරුවන් නොවුනත් එම අපරාධයට වරදකරුවෙකු වීමට පවතින ඉඩකඩ වැඩියි. මෙවැනි කාරණා නිසා මෙරට අධිකරණ ක්‍රියාවලිය තුළින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඉවත්කළ යුතුයි කියන මතයේ අපි රැදීඉන්නේ.


මෙම මාධ්‍ය හමුව සදහා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ සාමාජිකයින් වන නීතිඥ දුලාන් දසනායක, නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ එමීසා ටීගල් යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට