සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඥානසාර හිමිට සමාව දීමට ජනාධිපතිවරයා ගත් තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට හානියක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානිවූ බව සදහන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන සැප්තැම්බර් 10 වනදා තෙක් කල්තැබීමට අධිකරණය නියෝග කරන ලදී. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුව බරපතළ සිර දඬුවම් නියමවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබදී නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව සදහන් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

ජනාධිපතිවරයාගේ තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතීන් උල්ලංඝණය වී ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙස ද මෙම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට