සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යළි දුම්රිය වර්ජනයක්..

Podu Jana Peramunaවසර 05 කට අධික කාලයක් දුමිරිය දෙපාර්තමේන්නතුවේ විවිධ අංශ වල සේවය කරන 1500 පමණ වන අනියම්/ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින් සේවයේ ස්ථීර නොකර, අළුතින් තවත් සේවක පිරිසක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි. ඒ සදහා 2019.07.06 දින පුවත්පත් සහ www.Railway.lk වෙබ් අඩවි ඔස්සේ දැන්වීම් පළකරමින් දැනටමත් අයදුම්පත් කැඳවා ඇති අතර, වසර 05 ක් තිස්සේ දුම්රිය සේවාව පවත්වාගෙන යාමට වෙර දරන අනියම්, ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රත් පදනමින් බඳවාගෙන ඇති සේවකයින්ට ඉන් බරපතල අසාධාරණයක් සිදු වන බවට ඔවුන් අවධාරණය කරයි.

අප කල විසීමකදී දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්.පී විතානගේ මහතා සදහන් කර සිටියේ රජයේ ප‍්‍රතිපත්ති අනුව රාජ්‍ය සේවයට බඳවාගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම සම්මාන සමාර්ථ දෙකක් සහිතව අ.පො.ස. (සා/පෙ) විෂයන් හයකින් සමත් වීම වුවත්, 2014 වර්ෂයේ මෙම සේවකයින් බඳවා ගැනීමේදී, අධ්‍යාපන සුදුසුකම් නොසලකා බඳවාගෙන ඇති බවත් වසර 05 කට පසු නියමිත අධ්‍යාපන සුදුසුකම් නොමැති බවත්, රාජ්‍ය සේවයට බඳවාගැනීමේ උපරිම වයස් සීමාව ඉක්මවා ගොස් ඇතැයි කියමින් දැනට සේවය කාරන අනියම්, ආදේශක සේවකයින් 750 කට අධික පිරිසක් සේවයේ ස්ථීර නොකර, ප‍්‍රවාහන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද නාම ලේඛනයට අනුව, දේශපාලන හිතවත්කම් මත නවක සේවකයින් පිරිසක් බඳවාගැනීමට දරන උත්සාහය තරයේ හෙලා දකින බවද එහිදී ප‍්‍රකාශකරන ලදි.

සේවයේ ස්ථීර නොමැති සේවකයින් 1500 ක් සිටියදී, මීට පෙර සිදුකළ ආකාරයට ම දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට කටයුතු කිරීම කිසිසේත්ම නොකළයුතු දෙයක් බව එහිදී ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන ආදේශක, අනියම්, තාවකාලික හා කොන්ත‍්‍රාත් පදනමින් බඳවාගෙන ඇති සියළු සේවකයින් සේවයේ ස්ථීර කිිරීමෙන් පසු පවතින පුරප්පාඩු අනුව තවත් සේවකයින් බඳවාගන්නේ නම්, ඊට විරුද්ධ නොවන බව ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරන අතර, එසේ නොකර තවත් වතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට දේශපාලන පත්වීම් ලබාදීමට කටයුතු කළහොත් එය තවත් දුම්රිය වැඩ වර්ජනයකට අත වැනීමක් බවද අවධාරණය කරන අතර එබැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස විශයභාර අමාත්‍යවරයාව දැනුවක් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට