විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 2280 ක් අත්අඩංගුවට..
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණ ඇතිව පසුගිය 05 වනදා දියත් කරන ලද විශේෂ මෙහෙයුම මගින් මෙතෙක් බීමත් රියදුරන් 2280 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (11) උදෑසන 06.00 සිට අද (12) උදෑසන 06.00 දක්වා වන පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට පත්ව ඇති බීමත් රියදුරන් ප්‍රමාණය 243 ක් බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.