සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටේ සංවර්ධනයට මුදල් නොයෙදුවත් මැතිවරණ වලදී ඡන්ද ලබාගැනීමේ අරමුණෙන් ආණ්ඩුව විශාල මුදලක් වැයකරමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaසංවර්ධන කටයුතු සදහා මුදල් යෙදවීම පසෙකලා ඉදිරි මැතිවරණ වලදී ඡන්ද ලබාගැනීමේ අරමුණෙන් මාර්ග පිළිසකර කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සහ සමෘද්ධි සහනාධාර ලබාදීම ආදී කාර්යයන් පමණක් සිදුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය අනාවරණය කර සිටියි. ඊයේ (11) කොළඹ,  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ මූලස්ථාන කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

එහිදී මහින්ද අමරවීර මහතා විසින් පහත කරුණු අනාවරණය කරන ලදී.

සමෘද්ධි සහනාධාරය වැඩිකිරීම නිසා රට ඉදිරියේදී දැවැන්ත අර්බුදයකට ලක්වන්න පුළුවන්. මීළගට පත්වන රජයට මෙය දැවැන්ත අභියෝගයක් වියහැකියි. මෙම තත්ත්වය තුළින් ජනතාව සහනාධාර ලබාගැනීමේ මානසිකත්වයෙන් යුතුව කම්මැලි ස්වභාවයකට පත්වීම වැළැක්විය නොහැකියි.

ආණ්ඩුවේ අවසාන කාලය තමයි මේ ළංව ඇත්තේ. මේ වන විට ආණ්ඩුවේ පුද්ගලයින්ගේ ප්‍රතිරූපය පිම්බීම සදහා දැවැන්ත මුදල් ප්‍රමාණයක් වැය කරමින් සිටිනවා. ආණ්ඩුවේ වැඩගැන නොමිලේ ප්‍රචාරය කරන්න කියලා රජයේ මාධ්‍ය ආයතනයන්ට ආණ්ඩුව විවිධ බලපෑම් කිරී නිසා එම ආයතන බංකොලොත් වෙලා. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන පක්ෂ, විවිධ නම් සහ අදහස් පළකරමින් සිටිනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතරත් විවිධ මතවාද ඇතිවෙලා. ඔවුන් කඹ අදිමින් ඉන්නවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තත්තවයෙන් බලා බවට රට තුළ දැවැන්ත කථාබහක් මතුවෙලා තිබෙන්නේ. නමුත් රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු, නිල ප්‍රකාශයක් සිදුකරලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පවතින සාකච්ඡා සම්බන්ධයෙන් විවිධ විවේචන පළවුනත් මෙරට සිටින පරිණත දේශපාලඥයෙක් වන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම සාකච්ඡා සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අහිතකර ප්‍රකාශයක් සිදුකර නෑ.


මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු වීරකුමාර දිසානායක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පවතින සාකච්ඡා සාර්ථක කරගැනීමට කණ්ඩායම් දෙකෙහිම පිරිස් විසින් සිදුකරන අදහස් දැක්වීම දැඩි බාධාවක් බවට පත්ව ඇති බවයි.

එහිදී දිසානායක මහතා වැඩිදුරටත් පහත පරිදි අදහස් පළකළේය.

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන” වැඩසටහන රටට බරපතල විනාශයක් සිදුකරන්නක්. ඇමෙරිකාව එවැනි වැඩසටහන් අප්‍රිකානු රටවල් වල දියත් කළා. අද එම රටවල් වලට සිදුව ඇත්තේ කුමක්ද කියලා හොයලා බලන්න. ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පාරට බසින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවසුවා. ඒක ජනතාව රැවටීමක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට