පුද්ගලික සංචාරයක් සදහා එංගලන්තයට ගිය ජනපති යළි දිවයිනට..
පුද්ගලික සංචාරයක් සදහා එංගලන්තයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන 10.00 ට පමණ යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. දෝහා රාජ්‍යයේ සිට මෙරටට පැමිණි කටාර් ගුවන් සේවයේ යානයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණ ඇත. සිය පුතණුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 09 වනදා එංගලන්තය බලා පිටත්ව ගියේය.