සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලබන 18 සහ 19 දිනවල ගුරුවරුන් ලෙඩ වෙයි ..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 18 සහ 19 දිනවල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා පැවසුවේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි. විවිධ අවස්ථාවල රජයේ වැටුප් කළමණාකරනය කළ ද ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විශමතා පිළිබඳ සමාලෝචනය කිරීමට රජය කිසිදු රජයක් අපොහොසත් වු බව ඒ මහතා පවසයි. මෙම ගැටළුවට වසර 22ක් මේ වන විට ගතවී ඇති බවත් සිදු කළ කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකින් මේ සඳහා සාධාරණ විසඳුමක් ලබා නොදුන් බවත් ඔහු ප්‍රකාශ කරයි. ඒ අනුව වසර 22ක බී.සී පෙරේරා වැටුප් විෂමතා ඉවත් කිරීම, අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වෙන් කිරීම, 2016 වර්ෂයේ සිට සමස්ථ රාජ්‍ය සේවයට අහිමි කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත රාජ්‍ය සේවයට ලබාදීම සහ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාකාරී වන ලෙස ගුරුවරුන් මත පටවා ඇති අනවශ්‍ය කොළ පිරවිම් ඉවත් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් එළඹෙන 18 හා 19 වන දෙදින අසනීප නිවාඩු වාර්තා කරන බව ඒ මහතා පවසා සිටි. මේ අතරතුර කාලයේ රජය මේ සඳහා අවශ්‍ය මැදිහත් වීම සිදු කරයි නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හකුළා ගැනීමට තමන් සූදානම් බවත් රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට