සත්‍යයේ පුවත් අඩහැරය….

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධන ගැන මුස්ලිම් මන්ත්‍රිවරුන්ගෙන් යෝජනාවලියක්..

Podu Jana Peramunaමුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධනය වියයුතු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් යෝජනාවලියක් සකස් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සංශෝධනය වියයුතු කරුණු 11 ක් සම්බන්ධයෙන් සදහන් කරමින් මෙම යෝජනාවලිය සකස් කර ඇත. මුස්ලිම් ජාතිකයින් විවාහ වීමේදී කාන්තා සහ පිරිමි දෙදෙනාගේ වයස් සීමාව වයස අවුරුදු 18 ක් තෙක් ඉහළ දැමීම ඇතුළු කරුණු ඇතුළත් වන පරිදි සකස්කර ඇති මෙම යෝජනාවලිය මෙම සතිය තුළ අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත භාරදීමට නියමිතව ඇත. ඒ අනුව එම යෝජනා ද ඇතුළත් කරමින් සකස් කරනු ලබන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට යොමු කර අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට