සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට..

Podu Jana Peramunaඉතා තියුණු සහ අපූර්ව තරගයකින් පසුව 2019 ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කරගැනීමට එංගලන්තය ඊයේ (14) සමත්විය. තරගය තුළ එල්ල කළ හතරේ පහර සංඛ්‍යාවට අනුව මෙම තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවීම විශේෂත්වයත් වූ අතර ලෝක කුසලාන අවසන් තරගයකදී එවැනි ආකාරයට කණ්ඩායමක ජයග්‍රහණය තීරණය කළ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

කාසියේ වාසිය දිනාගත් නවසීලක්ත පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව සිය පන්දුවාර 50 තුළ කඩුළු 08 ක් දැවී ලකුණු 241 ක් ලබාගැනීමට ඔවුන් සමත් විය. පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි එංගලන්ත පිල ද සිය පන්දුවාර 50 තුළ සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 241 කි. මේ අකාරයට ලකුණු සංඛ්‍යාව සම වීම නිසා දෙපිලටම “සුපිරි ඕවරය” අවස්ථාව ලබාදුන් අතර මුලින් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය සුපිරි ඕවරය තුළ ලකුණු 15 ක් ලබාගත්තේය. තම සුපිරි ඕවරය තුළ නවසීලන්තයට ද ලබාගත හැකිවූයේ ලකුණු 15 කි. ඒ අනුව කණ්ඩායම් දෙකේ ලකුණු යළිත් සමවීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතියට අනුව තරගය තුළ වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කරන ලද කණ්ඩායමට ජයග්‍රහණය ලබාදීමට සිදුවූ අතර තරගෙයේදී හතරේ පහරවල් 22 ක් සහ හයේ පහරවල් 2 ක් එල්ල කර තිබු එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ හිමිකරුවන් බවට පත්විය. මෙම තරඟයේදී නවසිලන්ත කණ්ඩායම එල්ලකර තිබුනේ පන්දු හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් පමණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට