සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අහෝසි කරන්න, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයෙන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට අදාළව අත්සන් තබන ලද සහයෝගීතා ගිවිසුම අහෝසි කර නැගෙනහිර පර්යන්තය ශ‍්‍රී ලංකා වරය අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය මෙම ඉල්ලීම් සිදුකර ඇත. අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් පහත කරුණු සදහන් කර තිබේ. ඔබතුමාගේ රජය විසින් විෂය භාර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා ශ‍්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව සමග සහයෝගිතා ගිවිසුමකට පසුගිය මැයි 28 දින අත්සන් තබා ඇත.


01. දැනට ප‍්‍රකාශ කර ඇති පරිදි යෝජිත එම සමාගමේ හිමිකාරීත්වය ශ‍්‍රී ලංකා රජයට 51% ක් හා ඉන්දියාව හා ජපානයට 49% ක් හිමිවන බව දක්වා ඇත. ශ‍්‍රී ලංකා රජය සතු 51% කෙටස් හිමිකම ශ‍්‍රී ලංකා රජයට ඕනෑම මෙහොතක පාර්ශවකරුවෙකු වෙත පැවරිය හැක.


02. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු විශාල නෞකා මෙහෙය විය හැකි එකම පර්යන්තය වේ.


03. මේ වන විට ලෝකය පුරාම බහලූ මෙහෙයුම් ක‍්‍රියාවලිය කුඩා නෞකා වල සිට විශාල නෞකා දක්වා පරිවර්තනය වී ඇත. ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ බහලූ මෙහෙයුම් ක‍්‍රියාවලිය වාර්ෂිකව සීඝ‍්‍ර ලෙස බිඳ වැටෙමින් පවතී.


04. වරාය ආදායම වාර්ෂිකව අඩුවන විට 10000 ක පමණ වරාය සේවක රැකියා බරපතල අනතුරකට මුහුණ දී ඇත.


05. අනාගත දූ දරුවන්ට වරාය තුල රැකියා කිරීමට පවතින අවස්ථාවද මෙම තීරණයෙන් යටපත් වේ.


06. විශාල නෞකා මෙහෙය විය හැකි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු එකම පර්යන්තය මේ ආකාරයට විදෙස් සමාගම් වෙත පවරාදීම මගින් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇති වේ.


07. නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ මිළදී ගැනීම සඳහා වැය කල යුතු ඩොලර් මිලියන 80 ක මුදල ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇත.


08. එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පවත්වගෙන යාම සඳහා අවශ්‍ය පුහුණු මානව සම්පත හා කළමණාකාරීත්වය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇත.


මෙම කරුණු පිලිබඳ ඔබතුමාගේ අවධානය යොමු කර ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට අතිශයින් වැදගත් වූද, ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි වූද, ශ‍්‍රී ලංකා ආර්ථිකයට ප‍්‍රබල ප‍්‍රහාරයක් ගෙන දෙන්නා වූද, වරාය සේවක රැකියා වලට බරපතල අනතුරුදායක තත්වයක් ගෙන දෙන්නා වූද, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණ කිරීමට අදාලව අත්සන් තබන ලද සහයෝගීතා ගිවිසුම අහෝසි කරන ලෙසත් නැගෙනහිර පර්යන්තය ශ‍්‍රී ලංකා වරය අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙසත් අප කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය ලෙස ඔබතුමා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.


කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු චන්ද්‍රසිරි මහගමගේ මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට