සත්‍යයේ පුවත් අඩහැරය….

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගැටළු විසදීමට මැදිහත් වන්න, සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ලිපියක්..

Podu Jana Peramunaසබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ මතුව තිබෙන ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදීම සම්බන්ධයෙන් වහා අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපියක මේ බව සදහන් කර ඇත. අදාළ ලිපියෙහි වැඩිදුරටත් පහත පරිදි කරුණු සදහන් කර තිබේ. ශ‍්‍රී ලාංකීය වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව ඇරඹුමක් සටහන් කරමින් 2019 ජනවාරි මස 17 වන දින සබරගමුව විශ්වවිද්‍යාලයේ අටවන පීඨය ලෙස ආරම්භ කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මේ වනවිට සිසුන් හැත්තෑ දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය කණ්ඩායමක් ඉගෙනුම ලබන වෛද්‍ය පීඨයකි.


පීඨය ආරම්භ වී මාස හයක් පමණ ගතවී ඇති අතර වර්ථමානයේදී මතුවී ඇති ගැටළුකාරී තත්වයන් හමුවේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමේ අරමුණු සාක්ෂාත් කරගත හැකිද යන්න ගැටළුවක්ව පවතී. වර්ථමානයේදී අධ්‍යයන දෙපාර්තමේන්තු තුනකින් සමන්විත පූර්ව සායනික අධ්‍යයන අංශයකින් මෙම පීඨය සමන්විත වන අතර මේ වන විට උග‍්‍ර වෙමින් පවතින ගැටලූ පහත පරිදි වේ.
1. ශිෂ්‍යයන් සඳහා අධ්‍යාපනය ලබාදෙන ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම් පිළිබඳව බරපතළ ගැටළු මතු වී ඇත.
විශේෂයෙන්ම වෛද්‍ය පීඨයේ පීඨාධිපති සිය නිල බලයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නියෝජනය කලයුතු තත්ත්වය යටතේ සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ට මූලික වෛද්‍ය උපාධියක් නොතිබීම නිසා වෛද්‍ය පීඨය තුල පරිපාලන කටයුතු හා ඉදිරි සායනික දෙපාර්තමේන්තුව පිහිටුවීමේ කටයුතු අර්බුදයට යමින් පවත පවතින බව දැනගන්නට ලැබී ඇත. වර්තමානයේ පීඨාධිපති ලෙස කටයුතු කරන්නේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියකි.
දැනට පවතින පූර්ව සායනික දෙපාර්තමේන්තු 03 කි. භෞතෙවිදී අධ්‍යයන අංශයෙහි ආචාර්ය මණ්ඩලය හතරදෙනෙකු සිටිය යුතු වුවත් සිටින්නේ 02 කි. එහි සිටි එකම මහාචාර්යවරයා වන මහාචාර්ය අනුර වීරසිංහ මහතා මේ වන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය වෙත ලබාදී ඇත.
කායව්‍යච්චවේදී දෙපාර්තමේන්තුවේ සිටිය යුතු ආචාර්යවරු සංඛ්‍යාව 04 කි. නමුත් ආචාර්යවරුන් 03 ක් පමණක් සිටින අතර ඔවුන් ගෙන් මූලික වෛද්‍ය උපාධිය ඇත්තේ ආචාර්යවරුන් 02 කට පමණි. පශ්චාත්උපාධි සුදුසුකම් ඇත්තේ ආචාර්යවරුන් එක් අයෙකුට පමණි. ජීව රසායනික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන් හතර දෙනෙකු සිටිය යුතු වුවත් සිටින්නේ 3 පමණි. මේ අනුව පැහැදිලි වෙන්නේ සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් වෙතින් ස්වකීය අධ්‍යාපනය ලැබීමේ අයිතිය සබරගමු වෛද්‍ය පීඨ සිසුන්ට අහිමිව ඇති බවයි.
අධ්‍යයන දෙපාර්තමේන්තුව
සිටිය යුතු ආචාර්යවරුන් සංඛ්‍යාව; භෞතවේදී අධ්‍යයන අංශය – 04, කායව්‍යච්චවේදී අධ්‍යයන අංශය – 04, ජීව සායනික අධ්‍යයන අංශය – 04, පීඨාධිපති කාර්යාලය – 02.
සිටින ආචාර්යවරුන් සංඛ්‍යාව; භෞතවේදී අධ්‍යයන අංශය – 02, කායව්‍යච්චවේදී අධ්‍යයන අංශය – 03, ජීව සායනික අධ්‍යයන අංශය – 03, පීඨාධිපති කාර්යාලය – උපදේශකයන් ලෙස දෙදෙනෙක් බඳවා ගෙන ඇත. විශාල වැටුපක් ගෙවන අතර මසකට වරක් පමණ පීඨයට පැම්ණේ.
මූලික වෛද්‍ය උපාධිය සහිත ආචාර්යවරුන් සංඛ්‍යාව; භෞතවේදී අධ්‍යයන අංශය – 02, කායව්‍යච්චවේදී අධ්‍යයන අංශය – 02, ජීව සායනික අධ්‍යයන අංශය – 0, පීඨාධිපති කාර්යාලය – 0.
පශ්චාත් උපාධිය සහිත ආචාර්යවරුන් සංඛ්‍යාව; භෞතවේදී අධ්‍යයන අංශය – 01, කායව්‍යච්චවේදී අධ්‍යයන අංශය – 01, ජීව සායනික අධ්‍යයන අංශය – 03, පීඨාධිපති කාර්යාලය – 0.
එමෙන්ම සුදුසුකම් සහිත ආචාර්යවරුන් බඳවා නොගැනීම හා දැනට සිටින සුදුසුකම් සහිත ආචාර්යවරුන් ගේ සේවය පිළිබඳ අතෘප්තියට පත්කර ඔවුන් ඉවත් කිරීමට යම් පිරිසක් කටයුතු කරව බව පෙනේ. සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි සුදුසුකම් සහිත පුද්ගලයින් බඳවා නොගැනීම හා බඳවා ගත් පුද්ගලයින් ඉතා ඉක්මනින් පීඨයෙන් බැහැර වීම ද සිදුවී ඇත. පීඨාධිපති ගේ කාර්යාලය සඳහා ආචාර්යවරුන් දෙදෙනෙකු බඳවා ගත යුතු වුවත් මේ වන විට එසේ බඳවා නොගෙන විශාල මුදලක් වැය කරමින් වර්තමාන පීඨාධිපති සඳහා උපදේශකයන් දෙදෙනකු බඳවාගෙන ඇත.
2.පීඨය සඳහා අවශ්‍ය කරන භෞතික සම්පත් වල දැඩි ඌනතාවය ප‍්‍රධාන ගැටලූවකි.
විශේෂයෙන් විද්‍යාගාර හා රසායනාගර සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යයන් හා නිදර්ශක ප‍්‍රමාණවත්පරිදි නොමැත. කායව්‍යච්චවේදී විද්‍යාගරය පවතින්නේ පීඨයේ සිට කිලෝමීටර් 07 දුරින් පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අයත් ගොඩනැගිල්ලකය. සායන පවත්වන ගොඩනැගිලක් අසල කායව්‍යච්චවේදී විද්‍යාගරය පැවතීම පිළිබඳව මේ වන විට මහජන විරෝධයක් ද මතු වී ඇති අතර ජනමාධ්‍ය මගින් මේ පිළිබඳව ප‍්‍රශ්න කෙරී ඇත. පීඨයේ සායනික ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව විධිමත් සැලැස්මක් නොමැති අතර ඉදිරියේදී විශාල මුදලක් වැය කරමින් ගොඩනැගිලි කුලියට ගැනීමේ අරමුණක් පවතින බව දැන ගන්නට ලැබී ඇත.
3. විශ්වවිද්‍යාල පනත මගින් අවස්ථාව ලබා දී ඇති පරිදි පීඨය තුල ශිෂ්‍ය සංගමයක් නිර්මාණය කිරීම සඳහා වර්තමාන පරිපාලනය විසින් අවසර නොදී ඇති අතර සිසුන්ට තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් හඬක් නැගීමේ අවස්ථාව අහිමි කර ඇත.
සබරගමුව වෛද්‍ය පීඨය තුළ ශිෂ්‍ය සංගම් පිහිටුවීම මේ වන විට නවතා ඇති අතර ශිෂ්‍ය ක‍්‍රියාකරකම් යටපත් කර ඇත.
ජනතා බදු මුදලින් නඩත්තු වන මෙම වෛද්‍ය පීඨයේ අරමුණ විය යුත්තේ පොදු ජන යහපත උදෙසා ක‍්‍රියාකරන ගුණාත්මක තත්ත්වයෙන් යුතු දක්ෂ වෛද්‍යවරුන් බිහි කිරීමයි. නමුත් අද වන විට නමුත් අද වන විට සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ මතුවී ඇති මෙම ගැටලූ නිසා එකී අරමුණ ඉටු කළ හැකි දෙයක්ද යන්න ප‍්‍රශ්නාර්ථයක් වී ඇත. මේ පිළිබඳව ඔබගේ අවධානය ඉක්මනින් යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට