සත්‍යයේ පුවත් අඩහැරය….

බැංකු ක්ෂේත්‍රයේ ගැටළු විසදීමට බලධාරීන් සාධනීය පිළිතුරක් නොදුනහොත් අරගලයක් දියත් කරනවා – ලංකා බැංකු සේවක සංගමය

Podu Jana Peramunaමෙරට බැංකු ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් බලධාරීන් විසින් සාධනීය පිළිතුරක් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීමට සිදුවන බව ලංකා බැංකු සේවක සංගමය අනතුරු අගවා සිටියි. ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත යොමුකර ඇති ලිපියක මේ බව සදහන්ව ඇත.

එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් වන්නේ සේවක ප්‍රතිලාභවලට බදු අයකිරීමට එරෙහිව මෙන්ම බැංකු සේවකයා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ඇතිකරගැනීම ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුකරවන ලද බවයි. ඒ අනුව අදාළ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදීම සදහා කමිටුවක් පත්කිරීමට මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ලබාදුන් පොරොන්දුව ද ඉටුනොවීම නිසා යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වූ බව ද එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර තිබේ.

එහිදී බලධාරීන් විසින් සංගමය වෙත සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදුන්නද මෙතෙක් අදළා ගැටළු විසදීම සදහාවූ සාධනීය තත්ත්වයක් ඇතිවී නොමැති බැවින් මෙසේ යළි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීමට අවධානට යොමුව තිබෙන බව ද ලංකා බැංකු සේවක සංගමය, සිය ලිපිය මගින් අනතුරු අගවා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට