සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු කිහිපයක් මුල්කරගනිමින් තැපෑලේ දින දෙකක වර්ජනයක්..

Podu Jana Peramunaසිය වෘත්තීය තුළ මතුව ඇති ගැටළු කිහිපයක් මුල්කරගනිමින් දින දෙකක වර්ජනයක් දියත්කිරීමට ලංකා තැපැල් සේවා සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (16) සවස 04.00 සිට එම වර්ජනය දියත් කරන බව එම සංගමය අනාවරණය කර සිටියි. උසස්වීම් ලබාදීමේදී සිදුව ඇති ගැටළුකාරී තත්ත්වයන් මෙන්ම බඳවා ගැනීම්, වැටුප් විෂමතා ආදී ගැටළු කිහිපයක් හේතුවෙන් මෙසේ වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. සිය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි විටින් විට බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාධනීය පිළිතුරක් නොලැබීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තීරණය කළ බවත් යම් හෙයකින් මෙම ක්‍රියාමාර්ගයෙන් පසුව පිළිගත හැතකි විසදුමක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් අඛණ්ඩ වර්ජනයක් කරා හෝ යොමු වන බවත් ලංකා තැපැල් සේවා සංගමය අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට