රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් අද යළි විවෘත වේ..
රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් අද (17) දිනයේදී විවෘත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව විද්‍යා පීඨය, පශ්චාත් උපාධි පීඨය සහ සාගර විද්‍යා තාක්ෂණ පීඨය අද දින යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තීරණය කර තිබේ. සිසුන් කණ්ඩායමක් සහ අනධ්‍යයන සේවකයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වනදා සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තාවකාලිකව වසාදමන ලදී.