සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැටළු නොවිසදුවොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව

Podu Jana Peramunaග්‍රාම නිලධාරී සේවාව තුළ මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් ලබන අගෝස්තු මස 01 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව අනාවරණය කර සිටියි. අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති ආර්.එම්.ඩී.බී රත්නායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

රත්නායක මහතා මෙහිදී පහත පරිදි වැඩිදුරටත් අදහස් පළකළේය.

මෙතෙක් ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක් සකස් කර නෑ. ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට නිසි වුවමනාවකුත් නෑ. සේවා ව්‍යවස්ථාවක් ගැන 13 වතාවක් සාකච්ඡා කළා. ඒත් තවමත් සේවා ව්‍යවස්ථාවක් ගැන ඉගියක් හෝ නෑ. මේ වන විට ග්‍රාම නිලධාරීන් සේවාව තුළ ගැටළු රැසක් මතුවෙලා. වැටුප් විෂමතා ගැටළුත් ඒ අතර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිසි විසදුම් නොදුන්නොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව බලධාරීන්ට අවධාරණය කර සිටිනවා.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති ධම්මික දිසානායක මහතා ද මෙහිදී පහත පරිදි අදහස් දක්වන ලදී.

ජාතික හැදුනුම්පත් සකස්කිරීමේදී ග්‍රාම නිලධාරීන් විසින් කාර්යය වෙනුවෙන් අදාළ ගාස්තුවෙන් 30% ක දීමනාවක් ලබාදෙන ලෙස අප ඉල්ලීමක් කළා. ඒත් ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුවී නෑ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ෆෝරමයක් හදුන්වා දී තිබෙනවා ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ කාර්යය වෙනුවෙන්. මේක අමතර රාජකාරියක් නිසා මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරලා තිබෙනවා ග්‍රාම නිලධාරීන්ට යම් දීමනාවක් ගෙවන්න. නමුත් මෙතෙක් එම දීමනාව ගෙවීමට කටයුතු කර නෑ. සන්නිවේදන දීමනාව ලෙස රුපියල් 300 ක් ගෙව්වා. නමුත් එක්වරයි. නැවත ගෙවීමක් කළේ නෑ. ඒ වගේම නිල ඇදුම් දීමනාව ලෙස ගෙවන්නේ රුපියල් 4350 ක් පමණයි. එය කිසිසේත්ම ප්‍රමාණත් නෑ. ජනාධිපතිවරයාත් ග්‍රාම නිලධාරීවරයෙක් ලෙස සේවය කළ අයෙක්. එතුමා අපව හැදින්වූයේ මගේ රැහේ එවුන් ලෙස. නමුත් අප මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් වී නොමැති ආකාරයක් පේනවා.

මෙම අවස්ථාව සදහා සහභාගිවූ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා ද මෙසේ සිය අදහස් පළකරන ලදී.

මෙම ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාගැනීම සදහා ලබන අගෝස්තු පළමු වැනිදා සිටි ජාතික හැදුනුම්පත් සැකසීමේ එක්දින සේවාවට අදාළ රාජකාරී වලින් අපි ඉවත්වීමට තීරණය කළා. ඒ වගේම පුද්ගලික දුරකථන භාවිතා කරලා සිදුකරන රාජකාරී කටයුතු අත්හිටුවනවා. ඒ නිසා හදිසි රාජකාරී දැනුම්දීම් සහ රැස්වීම, සාකච්ඡා දැනුම්දීම ලිපි මගින් සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එවැන්නක් තුළින් විවිධ බාධාකිරීම් සිදුවන්න පුළුවන්.

ඉදිරි කාලය තුළ මැතිවරණයක් පැවැත්වෙන නිසා ග්‍රාම නිලධාරීන්ගේ සේවය අත්‍යාවශ්‍ය වේවි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලනවා. කොහොම වුනත් මෙම ගැටළු ගැන විසදුම් නුදුන්නොත් සියළු ග්‍රාම නිලධාරී වෘත්තී්‍ය සංගම් සමග සාකච්ඡා කරලා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න කටයුුතු කරනවා.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට