විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 3879 ක් අත්අඩංගුවට..
පසුගිය 05 වනදා සිට දියත් කරන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 3879 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. ඊයේ (18) උදෑසන 06.00 සිට අද (19) උදෑසන 09.00 දක්වා පැය 24 ක කාලය තුළදී පමණක් බීමත් රියදුරන් 177 ක් අත්අඩංගුවට පත්ව තිබේ.