සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාවට විෂ පොවන නීතිවිරෝධී රා සහ මත්පැන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම තුරන් කළයුතුයි..

Podu Jana Peramunaමෙරට ජනගහනයෙන් 31% ක පමණ පිරිසක් මධ්‍යසාර පාරිභෝජනය කරන බවත් ආගම් අනුව හෝ සෞඛ්‍ය මත අනුව මධ්‍යසාර පාරිභෝජනය සුදුසු නොවන බව පැවසුනද මධ්‍යසාර නිෂ්පාදනයට මෙන්ම අලෙවියට අවශ්‍ය වටපිටාව මෙරට රජය විසින් සකස්කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කර සිටියි. ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසිනි.

මෙම මාධ්‍ය හමුවේදී රංජිත් විතානගේ මහතා පහත පරිදි අදහස් දැක්වීය.

කෘතිම රා, විනාකිරි මෙන්ම මත්පැන් නිෂ්පාදනය සදහා ස්වභාවික රා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් යම් මාෆියාවක් ක්‍රියාත්මක වනවා. වෙළදපොළේ ඉල්ලුමට සරිලන විදියට ස්වභාවික රා නිෂ්පාදනය කෙරෙන්නේ නෑ. ඒ නිසා සීනි, යූරියා, ඊස්ට් වතුරට මිශ්‍රකර කටු කම්බි රෝල් සහ ජංගම දුරකථන බැටරි ඊට යොදා පැය 24 ක් තබා කෘතිම රා නිෂ්පාදනය කරන තත්ත්වයක් උදාවෙලා. ඒ වගේම කෘතිම රා වලට විෂ සහිත ඇමෝනියා යන රසායන ද්‍රව්‍යයත් යොදනවා. මේ හේතුවෙන් මෙම රා පරිභෝජනය කරන ජනතාව ඉතා ඉක්මනින්ම වකුගඩු රෝගවලට ගොදුරවීම වැළැක්විය නොහැකියි. නමුත් මෙවැනි විෂ සහිත රා නිෂ්පාදනය කරනු ලබන ස්ථාන වටලන්න කිසිදු උත්සහයක් දරන්නේ නෑ බලධාරීන්. සුරා බදු දෙපාර්තමේන්තුව වගේම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මේ සම්බන්ධයෙන් ගෙනඇති ක්‍රියාමාර්ග මොනවාදැයි විමසා සිටිනවා.

නීතිවිරෝධී රා මෙන්ම මත්පැන් නිෂ්පාදනය ද මෙරටින් සම්පූර්ණයෙන්ම තහනම් කළයුතුයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළා. ජනතාව ද මේ සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් කිරිමට කටයුතු කළයුතුයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට