සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව දියත් කරමින් සිටින්නේ “එදා වේල ටුවර්ස්” වැඩපිළිවෙළක් මිස රට සංවර්ධනය කිරීම සදහා වන වැඩපිළිවෙළක් නොවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaආණ්ඩුව දියත් කරමින් සිටින්නේ “එදා වේල ටුවර්ස්” වැඩපිළිවෙළක් මිස රට සංවර්ධනය කිරීම සදහා වන වැඩපිළිවෙළක් නොවන බවත් ආසන මට්ටමින් මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ලබන මුදල් නිසිපරිදි රටේ සංවර්ධන කටයුතු සදහා යොදවන ආකාරයක් නොපෙනෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මහින්ද අමරවීර මහතා මෙහිදී පහත පරිදි වැඩිදුරටත් අදහස් දක්වා සිටින ලදී.

රටේ දියුණුව වෙනුවෙන් සිදුකළයුතු මූලික කාර්යයන් අමතක කරලා නාස්තිකාර ව්‍යාපෘති පමණක් දියත් කරමින් සිටිනවා. ආර්ථික වර්ධන වේගය පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව මේ වන විට අනාවරණය කරලා. ආර්ථික වර්ධන වේගය ඉහළ දමන්න රජය සතුව ඇති වැඩපිළිවෙළ කුමක්දැයි අපි විමසනවා. ධීවර, කෘෂි, පශු සම්පත් යන ක්ෂේත්‍ර සියල්ලම මේ වන විට බිදවැටිලා අවසන්. රැකියා නිර්මාණය නොකර දේශපාලන හිතවත්කම් මත පමණක් රැකියා ලබාදීමට රජය කටයුතු කරමින් සිටිනවා. මෙය රටේ ආර්ථිකයට එතරම් යහපත් ලෙස බලපාන්නක් නොවෙයි.

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළ වත්මන් ආණ්ඩුව පාන් මිල ඉහළ දැමීමට ද කටයුතු කරලා. බාල ඉන්ධන මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් යම් කථාබහක් මේ වන විට රටතුළ මතුව ඇතිනමුත් බාල ඉන්ධන තවදුරටත් මෙරටට ගෙනඑනවා. නමුත් එම තත්ත්වයට එරෙහිව කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මතක වන්නේ නෑ.

විශාල මුදලක් වැයකරමින් හිතවත් ප්‍රචාරයක ආයතන හරහා රජය සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රචාරයක් මේ දිනවල සිදුවෙමින් පවතිනවා. පොදු ජන පෙරමුණත් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් යනවා. නමුත් මේ දක්වා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹ නෑ. පක්ෂ දෙක සාකච්ඡා තුළින් එකගතාවයකට පැමිණි පසුව තමයි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද කියන දේ තීරණය කළයුත්තේ කියන එකයි අපේ බලාපොරොත්තුව. එවැනි එකගතාවයකට පෙර ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනවානම් මොකටද සාකච්ඡා පවත්වන්නේ.

අපි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කළේ නෑ. අපේ අරමුණ එක් සන්ධානයක් ගොඩනගන්නේ කොහොමද කියනදේ පමණයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න අවශ්‍යයි.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට