මේ දක්වා බීමත් රියදුරන් 4624 ක් අත්අඩංගුවට..
මේ මස 05 වනදා සිට දියත් කරන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 4624 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම ඊයේ (21) පෙරවරු 06.00 සිට අද (22) පෙරවරු 06.00 දක්වා ගතවූ පැය 24 කාලය තුළ පමණක් බීමත් රියදුරන් 237 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.