බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් වත්මන් සභාපති අත්අඩංගුවට..
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සරත් ලොකුකුරුගේ මහතාට පහරදීම සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා අද (22) උදෑසන බෙලිඅත්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් වී ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. බෙලිඅත්ත ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පසුගිය ස 18 වනදා මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ සරත් ලොකුකුරුගේ මහතා ප්‍රතිකාර සදහා තංගල්ල රෝහලට ඇතුළත් කරන ලදී. පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.