පුලියන්කුලමේ ළිදක යුද අවි, STF මෙහෙයුමකින් හමුවෙයි..
පුලියන්කුලම, රාමනූර් ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක, ළිදක තිබී මිලි මීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 27 ක්, පුද්ගල නාශක බෝම්බයක් හා ටී 56 බැරල් කොටසක් සොයාගැනීමට විශේෂ කාර්ය බලකායේ පුලියන්කුලම කඳවුරේ නිලධාරීන්ට හැකිවී තිබේ. එම නිලධාරීන් විසින් ඊයේ (22) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම අවිකොටස් හමුවී තිබේ. පුලියන්කුලම පොලිස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.