වනාතවිල්ලුව, ලැක්ටෝ වත්තේ රැඳී සිටි සැකසහිත පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට..
අන්තවාදී සංවිධානයකට අයත් බවට සැකසහිත පුපුරණ ද්‍රව්‍ය සකස්කිරීමට ගනුලබන අමු ද්‍රව්‍ය, ඩෙටනේටර් ඇතුළු උපකරණ රැසක් හමුවූ වනාතවිල්ලුව, ලැක්ටෝ වත්තේ රැඳී සිටි සැකසහිත පුද්ගලයින් 06 දෙනෙකු අද (24) අළුයම සිදුකරන ලද වැටලීමදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. වනාතවිල්ලුව පොලීසිය විසින් අද අළුයම 02.00 ට පමණ සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජනවාරි මස 16 වැනිදා ලැක්ටෝ වත්තේ තිබියදී අදාළ උපකරණ තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගන්නා ලද අතර එම වත්තේ හිමිකරුට හැර වෙනත් කිසිවෙකුට වත්තට ඇතුළුවීම අධිකරණය විසින් තහනම් කර තිබියදී එම නියෝගය නොතකමින් එහි රැදී සිටි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.