සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්න ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් නොහැකියි – වියත් මග සංවිධානය

Podu Jana Peramunaරටේ ජාතික ආරක්ෂාවට හානිවන ලෙස හැසිරීම වත්මන් පාලකයින්ගේ ජන්මගත පුරුද්දක් බව හැදින්විය හැකි අතර ජේ.ආර් ජයවර්ධන මෙන්ම රණසිංහ ප්‍රේමදාස යන හිටපු ජනාධිපතිවරුන්ගේ පාලන කාලයන් තුළ සිදුවූ සිදුවීම් හේතුවෙන් මෙරට සම්බන්ධයෙන් දැඩි අහිතකර මතයක් ලොවපුරා ඇතිවූ බව වියත් මග සංවිධානය අනාවරණය කර සිටියි. ඊයේ (23) වියත් මග සංවිධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ විශ්‍රාමික අද්මිරාල් ආනන්ද පීරිස් මහතා විසිනි.

මෙහිදී ආනන්ද පීරිස් මහතා පහත පරිදි වැඩිදුරටත් අදහස් පළකළේය.

මෙරට තුළ යුද අපරාධ සිදුවූ බවට ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට බලධාරීන් කටයුතු කිරීම නිසා හමුදා සාමාජිකයින් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ආණ්ඩුව බලයට පත්වූ දා සිටිම මෙරට හමුදා සාමාජිකයින් සහ බුද්ධි අංශ මර්දනයට ලක්කරමින් විවිධ හිරිහැර කළා. හමුදාවේ හදවත ලෙස හැදින්විය හැකි බුද්ධි අංශයේ සාමාජිකයෙකු යම් වරදක් සිදුකළ විට ඊට දඩුවම් දීමට නිසි ක්‍රමවේදයක් තිබෙනවා. රටේ පවතින නීතියට හා හමුදා නීතියට අනුව එය සිදුනොකර මුළු ලෝකයටම පෙනෙන විදියට ඒක කරනවානම් පිළිගන්න බෑ. ඉන් සිදුවන්නේ අනෙකුත් බුද්ධි අංශ සාමාජිකයින් මන්දෝත්සාහී වීම.

යුද්ධය අවසන් කිරීම සදහා දැවැන්ත කාර්යයක් ඉටුකළ මෙරට දක්ෂ හමුදා බුද්ධි අංශය තලාපෙළා දැමීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. තමන්ගේ වැරදි වහගන්න දැන් විවිධ නාට්‍ය පෙන්වමින් ඉන්නේ ආණ්ඩුව.

විශ්‍රාමික මේජර් ජෙනරාල් බොන්ෆස් පෙරේරා මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මෙසේ සිය අදහස් පළකරන ලදී.

මෙරට හෝටල් සදහා ආරක්ෂාව ලබාදිය නොහැකි බව පාස්කු ප්‍රහාරයෙන් පසුව විදෙස් මාධ්‍යවේදියෙකුට අදහස් දක්වමින් එවක ආරක්ෂක ලේකම්වරයා විසින් පැවසුවා. ජාතික ආරක්ෂාව භාරව සිටින බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති බව මෙන්ම ලක්ෂ 04 ක හමුදාවක් ජනතා බදු මුදලින් පෝෂණය කරන්නේ මන්දැයි විමසා සිටීමට සිදුවනවා මේ ප්‍රකාශයත් සමගම.

ලොව ඕනෑම රටක පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකය තමයි ජාතික ආරක්ෂාව. පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ලකරමින් සිටිනවා. ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයාට සහ එවක ආරක්ෂක ලේකම්වරයාට පමණක් එල්ලකර කාටවත් අතපිස ගන්න බෑ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ දෙදෙනා මෙන්ම සන්නද්ධ නායකයා වන ජනාධිපතිවරයාත්, ඒ හා සමාන බලතල තිබෙන අග්‍රමාත්‍යවරයාත් වගකිව යුතුයි. මේ සම්බන්ධයෙන් දන්නේ නෑ, මට පොලිස්පතිවරයා කිව්වේ නෑ වශයෙන් පවසමින් මෙම වගකීමෙන් මිදෙන්න හමුදාපතිවරයාටත් බෑ. බුද්ධි අංශ සාමාජිකයින් තේරීම් කාරක සභාවට ගෙනඒම අතිශයින් භයානකයි. බුද්ධි අංශ කියන්නේ ජාතික ආරක්ෂාවේ කොදු නාරටිය වන අතර ජාතික ආරක්ෂාව යනු රටේ කොදු නාරටියයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට