සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් නිට්ටඹුවේදී ජංගම සේවාවන් රැසක්..

Podu Jana Peramunaප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් මහජනතාව අපේක්ෂිත සේවාවන් ලබාගැනීම පහසු කරවීම සඳහා “ගමට අගයක්, මගී ජන මිතුරු සේවය සහ ප්‍රදර්ශනය” යන මැයෙන් ජංගම සේවාවක් ලබන ඉරිදා (28) නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව එහිදී ප්‍රවාහන සහ ගුවන් සේවා රැකියා සමුළුවක්, රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික ලබාදීම, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, නොමිලයේ ඇස් කණ්ණාඩි ලබාදීම, ප්‍රවාහන ගැටළු විසදුම් කාර්යාලය ආදී විශේෂාංග රැසක් පවත්වන බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි.

එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාව, ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව යන ආයතන ද සිය සේවාවන් සපයනු ඇත. මීට අමතරව විදී නාට්‍ය, සම්මන්ත්‍රණ, රැකියා බැංකු සඳහා ලියාපදිංචිය ඇතුළු තවත් සේවාවන් රැසක් ද මෙහිදී මහජනතාවට ලබාගත හැකිවනු ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් මත ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් මෙම ජංගම සේවාව දියත් කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට