සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) පෙරවරු 10.00 ට යළි රැස්වීමට නියමිතව ඇත. පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් සහ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් අද දිනයේ දී මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබාදීමට නියමිතව ඇත. ඊයේ (24) දිනයේ රැස්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ද සිය ප්‍රකාශ ලබාදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට