සත්‍යයේ පුවත් අඩහැරය….

කදිරගාමර් ඝාතනයට ආධාර අනුබල දුන් එල්.ටී.ටී.ඊ සාමාජකයාට ජර්මනියෙන් නඩු..

Podu Jana Peramunaමෙරට හිටපු විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බව පැවසෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකුට එරෙහිව ජර්මනියේදී නඩු පවරා ඇති බව වාර්තා වේ. 2005 වසරේදී ඝාතනයට ලක්වූ මෙරට හිටපු විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බව පැවසෙන නවනීදන් ජී. නමින් හැදින්වෙන සැකකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. කොටි බුද්ධි අංශයේ සාමාජිකයෙක් වන මෙම සැකකරු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරිමට අවශ්‍ය බුද්ධි තොරතුරු එක්රැස් කර ඇති බව අනාවරණය වී තිබේ. සැකකරු ජර්මනියේ රැදිසිටියදි පසුගිය ජනවාරි මාසයේදි ජර්මනියේ බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී. තහනමට ලක්වන ලද විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය දැරිම සහ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා එල්ලකරමින් ජර්මනියේ නීතිපතිවරයා විසින් අදාළ නඩුව පැවරීමට පියවර ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට