සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෘතිම රා සහ විනාකිරි සම්බන්ධයෙන් ප්‍රමිතියක් නෑ, ජනතාව අනතුරේ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන කෘතිම රා සහ විනාකිරි සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක් ක්‍රියාත්මක නොවන බවත් එම නිෂ්පාදන තුළ අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි යන්න පවා සදහන් නොවන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කර සිටියි.ඊයේ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මේ බව සදහන් කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් පළකළ ඒ මහතා පහත පරිදි මාධ්‍ය වෙත කරුණු අනාවරණය කරන ලදී.

අද වනවිට රට තුළ පාරිභෝජනය කරන ජල බෝතල් වලට පවා එස්.එල්.එස් ලංඡනය අනිවාර්යය කරලා තිබෙන නමුත් කෘතිම රා සහ විනාකිරී සම්බන්ධයෙන් එවැනි ප්‍රමිතියක් ක්‍රියාත්මක වීම තබා එවැන්නක් පිළිබදව රටේ ප්‍රමිත ආයතන දැනුවත් කිරීමක්වත් කර නෑ. කසිප්පු නීති විරෝධී නිෂ්පාදනයක්. එය විෂ සහිතයි කියලා අපි දන්නවා. නමුත් ඊට වඩා විෂ ප්‍රමාණයක් අඩංගුයි මේ කෘතිම රා සහ විනාකිරී වල. ඒක වෛද්‍යවරුන් පවා මේ වන විට සොයාගෙන තිබෙන දෙයක්.

වකුගඩු රෝග මර්දනය කිරීමට විශේෂ ඒකකයක් පවා පිහිටුවමින් එම රෝගය වැළැක්වීමට ජනාධිපතිවරයා දැවැන්ත උත්සහයක් ගනිමින් සිටියත් වකුගඩු රෝග ඇතිවන විෂ රසායනික ද්‍රව්‍යයන්ට වඩා වැඩි විෂ ප්‍රමාණයක් කෘතිම රා සහ විනාකිරී වල අඩංගුයි. මෙය ඉතා භයානක තත්ත්වයක්. කෘතිම රා සහ විනාකිරී පාරිභෝජනය කිරීමෙන් වකුගඩු රෝගය පමණක් නොවෙයි, වෙනත් වෙනත් අසාදන සහ රෝග ඇතිවීමේ දැඩි අවදානමක් මතුවෙලා තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න කියලා ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ ගැන අපි ජනාධිපතිවරයා දැනුවත් කරනවා.
මෙරට විදෙස් කසළ ගෙනඒම සම්බන්ධයෙන් ද මෙහිදී රංජිත් විතානගේ මහතා කරුණු සදහන් කරන ලදී.

ලොව දියුණු රටවල් තමන්ගේ කසළ දියුණු වෙමින් රටවල් වලට යවමින් “කසළ යටත්විජිතවාදයක්” සිදුකරමින් සිටිනවා. මාධ්‍යම පරිසර අධිකාරිය මේ ගැන නිහඩව වෙනත් පාර්ශවයන්ට චෝදනා කරමින් බෝලය පාස්කරමින් සිටිනවා. දේශපාලඥයෝ විවිධ අණපනත් සකස්කරමින් කසල ගැන ජනතාවට උපදෙස් ලබාදෙමින් විදෙස් රටවල කසළ මෙරටට ගෙනඒමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තිබෙන්නේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට