සත්‍යයේ පුවත් අඩහැරය….

මහබැංකු අධිපති සහ නීතිපති තේරීම් කාරක සභාව හමුවට ..

Podu Jana Peramunaපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (26)  යළි රැස්වෙයි.අද දිනයේ නීතිපතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව ඇත. අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පෙරවුරු 09.00ට රැස්වේ. අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ නීතිපති දප්පුල ද ලිවේරා කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.මේ අතර ඊයේ දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිළධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති එම්. ආර් ලතීෆ්, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන මහත්වරුන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම  සිදුකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට