සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාව, රට සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින නායකයෙකු රට තුළ නෑ – ජාතික භික්ෂු එකමුතුව

Podu Jana Peramunaරටට සුදුසු නායකයෙකු මේ වන විට නොමැති බව කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාර්වේද වෛද්‍ය මෙහොමඩ් සාෆි සහාබ්දීන් යන පුද්ගලයාට ඇප ලබාදීමෙන් මනාව පෙනී යන බව ජාතික භික්ෂු එකමුතුව අවධාරණය කර සිටියි. එම සංවිධානයේ සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද්දේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි කාලය තුළ රටට ආදරය කරන, නීතිගරුක නායකයෙක් බලයට පත්වනු ඇති බවයි. ජනතාව වෙනුවෙන් වගකීමට හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින නායකයෙකු මෙරට තුළ මේ වනවිට නොමැති අතර අන්තවාදයත් ත්‍රස්තවාදයත් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යන බවත් පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන් තවදුරටත් පවසා සිටින ලදී. හිතට එකගව ජනතාවටත් රටටත් ආදරය කරමින් රට පාලනය නොකරන්නේ නම් ඉතා වේගයෙන් රට පිරහෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට අනතුරු අගවන බව ද උන්වහන්සේ තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට